හෙරොයින් සහ අයිස් සමග රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ තවත් සේවකයෙක් පොලිස් අත්අඩංගුවට

August 17, 2020 at 8:12 PM

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තවත් සේවකයෙක් හෙරොයින් සමග අතුරුගිරියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා සතුව තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 15ක් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 25ක් පොලිසිය විසින් බාරයට ගෙන ඇත.

සැකකරු ගමන් කරමින් සිටි යතුරුපැදියද පොලිස් බාරයට ගෙන ඇත.

මේ අතර ඊයේ පස්වරුවේද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු රසායනාගාරයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් හෙරොයින් සමග අතුරුගිරියේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරෝයින් ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 730ක් ද සමගින්ය.