විදුලි බිඳ වැටීම ගැන සොයන්න කමිටුවක් : රටේ 75% ක විදුලි සැපයුම යථා තත්ත්වයට

August 17, 2020 at 7:40 PM

කෙරවළපිටිය විදුලි බලාගාරයේ උප පොළක සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දහවල් කාලයේ සිට රට පුරා සිදුව ඇති විදුලිය බිඳ වැටීම මේ වනවිට 75%ක් පමණ යථා තත්වයට පත්කර ඇති බව  විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පවසනවා.

මේ අතර දිවයින පුරා සිදුවූ හදිසි විදුලිය බිඳවැටීමට හේතු සෙවීම සඳහා කමිටුවක් පත්කරන ලෙස  විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා හට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සොයා බලා සතියක් ඇතුළත තමාට වාර්තාවක් ලබා දෙන්නැයි  ද අමාත්‍යවරයා ලේකම්වරියට දැනුම් දී ඇත්තේ.

මේ අතර සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් හේතු දක්වා දින 03ක් ඇතුලත කරුණු දක්වන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.