රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයා කුඩුත් සමග හසුවෙයි

August 17, 2020 at 8:56 AM

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18 කට අධික සංඛ්‍යාවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අතුරුගිරිය, මොරටුහේන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර පිළියෙළ කරන්නෙකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම සැකකරු ගමන් කළ යතුරුපැදිය පරික්ෂා කර බැලීමේදී අදාළ හෙරොයින් තොගය සඟවා තබා තිබියදී පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 28 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.