කුරුණෑගල නගරාධිපතිගේ නඩු ගාස්තුව නගර සභාවෙන් ගෙවන්න තීරණය වෙයි

August 17, 2020 at 9:24 PM

කුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපයේ කොටසක් කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව ගොනුකර ඇති නඩු සඳහා අවශ්‍ය ගෙවීම් නගර සභාවෙන් ලබා ගැනීම සඳහා යෝජනාවක් සම්මත වී තිබේ.

කුරුණෑගල මහනගර සභාව අද (17) රැස්වූ අවස්ථාවේදී ඒ පිළිබඳව ඉදිරිපත් වූ යෝජනාව, මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගේ එකඟතාවයෙන් සම්මත වී ඇති අතර මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඊට විරුද්ධව ඡන්දය භාවිත කර තිබේ.

සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක් ද කුරුණෑගල හිටපු නගරාධිපතිවරයාද මෙම යෝජනාවට එකඟ නොවූ බව වාර්තා වේ.

ඒ අනුව, කුරුණෑගල නගර සභාවේ මුදලින් නඩු කටයුතු සඳහා රුපියල් 2,180,000ක මුදලක් ගෙවීමට අදාළ යෝජනා සම්මත කරගෙන තිබේ.