මිලියන 200 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් පොලිසියෙන් අල්ලයි

August 16, 2020 at 11:14 AM

මැන්ඩි නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගයක් අම්බන්ගොඩ, මුහුදු මාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගල්කිස්ස පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි.

එහි තිබී සොයා ගනු ලැබූ කිලෝග්‍රෑම් 12ක් පමණ වන මෙම කෘතීම රසායනික මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 200 කට අධික බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම මත්ද්‍රව්‍ය රාත්‍රී සමාජ ශාලා සහ විවිධ සාද වලට සහභාගී වෙන තරුණ පිරිස් වෙත අලෙවි කිරීමට මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බවට කරුණු වාර්තා වී ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

මෙවැනි මත්ද්‍රව්‍ය මිට පෙර දිවයිනට රැගෙනවිත් තිබෙනවාද එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය වෙනත් ස්ථාන වෙත බෙදා හැර ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කොට ඇත.