මෙරට සේවය කරන විදේශිකයින්ට බද්දක් පැනවේ

August 14, 2020 at 9:22 AM
ශ්‍රී ලංකාවේ රැකියාවල නියුතු විදේශීය ශ්‍රමිකයින් අනිවාර්ය බද්දක් ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
එම දෙපාර්තමේනතුව නිකුත් කළ නිවේදනයකින් මෙරට සේවායෝජකයින් සහ සේවා නියුක්තිකයන්ට දැනුම් දී ඇත්තේ මෙම වර්ෂයේ අප්‍රේල් 01 වැනි දින බලපැවැත්වෙන පරිදි උපයන විට ගෙවීමේ බද්ද වෙනුවට විකල්ප පදනම මත ‘අත්තිකාරම් පුද්ගල බද්ද’ හඳුන්වා දී ඇති බවයි.
ඒ අනුව සේවායෝජකයින් විසින් 2017 අංක 24 දරන දේශීය ආදායම් විධිවිධාන පනතේ විදිවිධානවලට අනුව අදාළ සේවකයින්ගේ කැමැත්ත මත ඔවුන්ගේ  වැටුපෙන් අඩු කරගෙන අත්තිකාරම් පුද්ගල බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුය.