කොරෝනා ආසාදිත සුප්‍රකට ඉන්දීය ගායකයා ආසාධ්‍ය තත්ත්වයේ

August 14, 2020 at 6:42 PM

‪නව කොරෝනා වෛරසය ආසාදනයවී සිටින ඉන්දියාවේ සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් ගේ තත්ත්වය ආසාධ්‍ය තත්ත්වයට හැරී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.‬

‪”එස්.පී. බාලසූබ්‍රමනියම් මහතාගේ තත්ත්වය ඊයේ රාත්‍රියේ සිට අසාධ්‍ය තත්ත්වයට හැරී තිබෙනවා. මේ වන විට ඔහු ජීවිතාරක්ෂක යන්ත්‍රයක ආධාරමත පසුවනවා” යැයි එම රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

එස්.පී. බාලසූබ්‍රමනියම් ඉන්දියානු සිනමාවේ භාෂා 16 කින් ගීත 40,000 කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති දක්ෂ ගායකයෙක් වනවා.