ජායාරූපයෙන් මග හැරුණු රාජ්‍ය ඇමතිවරුන් තිදෙනා

August 13, 2020 at 11:16 AM

මහනුවර මගුල් මඩුවේ දිවුරුම්දීමෙන් පසුව ජනපති සමඟ සමූහ ඡායාරූපයට පෙනී සිටීමට අමාත්‍යවරු තිදෙනෙක් පැමිණ නැතැයි වාර්තා වේ.

මෙසේ පැමිණ නැත්තේ වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන අමාත්‍යවරුන්ය.

විමලවීර දිසානායක හදිස්සි වැඩකට යාම නිසා ඡායාරූපයට පෙනී සිටීමට නොහැකි වූ බවත්, පියංකර ජයරත්න සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් එය මඟ හැරුණු බවත් මාධ්‍යට පවසා තිබේ.