විදෙස් රටවලින් ගෙන එන ජංගම දුරකථන සඳහා සිදුවන්නේ කුමක්ද ? TRC වෙතින් පැහැදිලි කිරීමක්

August 13, 2020 at 10:09 AM

විදුලි සංදේශන නියාමන කොමිසමේ අනුමැතියකින් තොර ස්ථාන වලින් මිලදී ගනු ලබන ජංගම දුරකථන සඳහා දුරකථන සම්බන්ධතා (සිම්පත්) ලබාදීම ලබන ඔක්තෝම්බර් මස 01 වෙනිදා සිට අත්හිටුවීමට තීරණය කළ බව පසුගියදා එම කොමිසම නිවේදනය කර සිටියා.

විදේශ රටවල සිට පුද්ගලයින් සිය භාවිතය සඳහා මෙරටට ගෙන එනු ලබන ජංගම දුරකථන සඳහා දුරකථන සම්බන්ධතා ලබා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා විමසීම් සිදුකර සිටියේ ඒ හරහා මතුවන ප්‍රයෝගික ගැටළු හේතුවෙන්.

ඒ අනුව පුද්ගලික භාවිතය සඳහා ගෙනෙනු ලබන ජංගම දුරකථන අන්තර්ජාලය ඔස්සේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි කිරිමට එම කොමිසම මාර්ගගත ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දීමට පියවර ගන්නා බවයි එම සිය කොමිසම ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.

ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

දැනට භාවිතා කරන සිම්පත් සහිත ජංගම දුරකථන සඳහා මෙම තීරණය අදාල නොවන බවයි විදුලි සංදේශන කොමිෂන් සභාව දැනුම් දී සිටියේ.