ඇමති ජොන්ස්ටන් මහ මාර්ගයේදී වැඩ අරඹයි

August 13, 2020 at 5:09 PM

සම්ප්‍රදායෙන් මිදී කොළඹ අමාත්‍යංශ වල වැඩ භාරගැනීම වෙනුවට කුරුණෑගල මලියදේව විද්‍යාලය ඉදිරිපිට මාර්ග තදබදයට පිළියමක් ලෙස උමං මාර්ගයක් ඉදිකිරීමට මුල්ගල තබමින් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (13) උදෑසන සිය ධුරයේ වැඩ නිල වශයෙන් භාර ගත්තා. මහා මාර්ග අමාත්‍යවරයා මහ මග දී මෙලෙස සිය වැඩ භාරගැනීම අද පැවති වෙනත් වැඩ භාර ගැනීමේ උත්සව අවස්ථාවන්ට වඩා වෙනස් වු දෙයක් වුනා.

මෙම අවස්ථාවට අහිනව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යු.කේ සුමිත් උඩුකුඹුර, සමන්ප්‍රිය හේරත්,අභිනව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත, මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්. ඩබ්. රංජිත් ප්‍රේමසිරි මහතා ඇතුළු විශාල පිරිසක් වුනා.