සමගී ජනබල වේගයේ ජාතික ලැයිස්තුව නම් කරයි

August 13, 2020 at 7:35 AM

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සකස් කර අවසන් කොට තිබෙනවා. එම නම් ලැයිස්තුව අද දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතයි.

ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය නම් කර ඇති බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වූ නම හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරිමට නියමිතව ඇත.