සමගී ජනබල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නාම ලේඛණය මැතිවරණ කොමිෂන් සභාවට

August 13, 2020 at 4:03 PM

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත යවා තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් අදාළ නම් මැතිවරණ කොමිසම වෙත යොමුකර ඇත.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය නම් කර ඇත.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධුර නම් කිරීමත් සමග මේ වන විට මෙවර පාර්ලිමේන්තුව සඳහා ජාතික ලැයිස්තුවෙන් නම් කිරීමට ඉතිරි ව ඇත්තේ මන්ත්‍රී ධූර දෙකක් පමණයි.

ඒ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය සහ අපේ ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ධුරයයි.