අලුතින් පත්වුණු ඇමතිවරුන්ට ඉටුකළ හැකි ‘සුපිරි වැඩ’ 9ක් පිළිබඳ මිලින්දගේ යෝජනා

August 12, 2020 at 12:31 PM

අද පත්වුණු නව අමාත්‍යවරුන්ට සිදුකළ හැකියි කාර්යයන් නවයක් පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභා මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ තැබූ සටහනයි මේ.

1. වාහන දෙකකට සීමා කරන්න. ආරක්ෂකයන් ප්‍රමාණය 3 දෙනෙකුට හෝ 4 කට අඩුකරන්න.

2. පාරේ යද්දි ලයිට් දාගෙන හෝන් ගහගෙන පොලීසිය විසිල් ගහගෙන මාරක වේගෙන් යන එක නවත්වන්න.

3. මහජන දින දෙකක් දාන්න. අගහරුවාදා හා බ්‍රහස්පතින්දා වගේ. එදාට අමාත්‍යාංශයේ සියලුම නිළධාරින්ට ඔබත් එක්ක වාඩිවෙන්න කියන්න.

4. ඕනනම් එක මහජන දිනයක් කොළඹින් පිට තියන්න. මාරුවෙන් මාරුවට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට.

5. වැටුප, දීමනා, තෙල් වියදම් ආදිය ජනගත කරන්න. හැම අවුරුද්දෙම වත්කම් හෙලිකරන්න.

6. අපිට පෞද්ගලික අංශයේ රස්සාවල්වල දෙනවා වගේ අමාත්‍යාංශයට අවුරුද්දටම ඉලක්ක හදන්න. ඔබේ සහ නිළධාරින්ගේ කාර්‍යසාධනය ඒ අනුව මනින්න. ඒක ජනගත කරන්න.

7. හරිහමන් ෆේස්බුක් පිටුවක් නඩත්තු කරන්න. ඒකෙ කමෙන්ට් සහ ඉන්බොක්ස් එකට උත්තර දෙන්න කෙනෙක් දාන්න. කෙල්ලො කොල්ලො ඔන්ලයින් කියන දේවල් සීරියස් ගන්න.

8. සෞභාග්‍යයේ දැක්ම මත පදනම්ව අවුරුදු 5 ටම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වහ වහාම හදල මාසයක්වත් මහජන යෝජනා අරගෙන ඇතුලත් කරන්න.

9. ටකරං හැලි වලං බෙදන එක නවත්වන්න. හැකිතරම් අමාත්‍යාංශයේ සහ පාර්ලිමේන්තුවේ කාලය ගත කරන්න. අපේ මළගෙවල් වලට නොආවට කමක් නැත.

මිලින්ද රාජපක්ෂ