ස්කොට්ලන්තයේ දුම්රිය අනතුර (VIDEO)

August 12, 2020 at 5:31 PM

ඊසානදිග ස්කොට්ලන්තයේ, ඇබර්ඩීන්ෂයර් හිදී දුම්රියක් පීලි පැන තිබෙනවා.

දුම්රිය පිලී පැනීමෙන් අනතුරුව එහි එංජිම ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. මේ වන විට එම ස්ථානයට ගිනි නිවීමේ භටයින් මෙන්ම හදිසි ආපදා රථ 30 ක් පමණ කැඳවා ඇත.

එරට ප්‍රධාන අමාත්‍යවරිය වන Nicola Sturgeon සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ ලැබෙමින් පවතින තොරතුරු අනුව සිදුවීම තරමක් බරපතළ බවයි.