TRC හරහා ලියාපදිංචි නොවූ ස්ථානවලින් මිලදී ගන්නා දුරකථන සඳහා සිම්පත් සේවා අත්හිටුවීමේ තීරණයක්

August 11, 2020 at 11:35 AM

විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන ලෙස මහජනතාවට දැනුම් දී සිටිනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

දැනට භාවිතා කරන සිම්පත් සහිත ජංගම දුරකථන සඳහා මෙය අදාල නොවන බවයි විදුලි සංදේශන කොමිෂන් සභාව දැනුම් දී සිටින්නේ.