නවසීලන්තයෙන් දින 100කට පසු කොවිඩ් ආසාදිතයින් 4ක් හඳුනා ගැනේ. ඕක්ලන්ඩ් ප්‍රාන්තය වසා දමයි

August 11, 2020 at 8:22 PM

කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන් පාලනය කොට දින 100කට පසු නවසීලන්තයෙන් යලි කොවිඩ් ආසාදිතයින් 4 දෙනෙකු හඳුනාගෙන තිබේ .

එරට අගමැතිනිය පවසන්නේ මෙම තත්ත්වය කෙසේ ඇති වූයේදැයි සොයා බලන බවයි.

කෙසේ වෙතත් මෙම කොවිඩ් ආසාදිතයින් හමුවූ ඕක්ලන්ඩ් ප්‍රාන්තය හෙට වසා දැමීමටත් නියමිත බව වාර්තා වේ.

කොවිඩ් ආසාදිතයින් හමුවූ පසු නවසීලන්තයේ අවදානම් දර්ශකය ඉහළ නැංවීමටද පියවර ගෙන ඇත.