අභ්‍යාවකාශයට ගිය අපේ පළමු ජාතිකධජය

August 11, 2020 at 7:59 PM

මෙරට  තරුණයෙකු විසින් නිපදවන ලද රාවණා 1 චන්ද්‍රිකාව පසුගියදා අභ්‍යාවකාශයට යැවුණු අතර ඒ චන්ද්‍රිකාව රැගෙන ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගිය යානය පසුගිය සතියේ යළි පොලොවට පතිත කරවන ලදී.

රාවණා 1 සමග උඩුගුවනට යැවුණු ජාතික ධජය මෙලෙස යලි පෘථිවිය වෙත පැමිනි පසු  එම චන්ද්‍රිකාවේ සම නිර්මාතෘ තරිඳු දයාරත්න එම ජාතික ධජය මෙලෙස සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබිණි.