අපේ ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රිධුරය ගැසට් නොකෙරේ : මැතිවරණ කොමිෂන් සභාව දන්වයි

August 11, 2020 at 6:43 PM

අපේ ජනබල පක්ෂය සඳහා හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැසට් නොකිරිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට තිබෙනවා.

ඒ එම පක්ෂයේ ලේකම් ලෙස පුජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් ද පසුව එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා ගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපි දෙකක් ඒවා තිබීම හේතුවෙනි.

ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් නීතිමය අධ්‍යයනය කිරිමක් සිදුකළ යුතු බැවින් ජාතික ජනබල වේගය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අදාළ නම ගැසට් නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ.