ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි : කාන්තාවන් ඇතුළු 20ක් පොලිස් අත්අඩංගුවට

August 10, 2020 at 9:21 AM

හොරණ, මිල්ලනිය ප්‍රදේශයේ හෝටලයක ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබු සාදයක් වැටළු පොලීසිය හෝටල් හිමිකරු සහ එහි සිටි කාන්තාවන් 05 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ බණ්ඩාරගම, මැල්ලමුල්ලේ, දෙහිවල, පානදුර, දොඩංගොඩ, වැල්ලන්තුඩාව, යටියන, කඩුවෙල, බොරලැස්ගමුව සහ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පිරිස සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 465ක්, ගංජා ග්‍රෑම් 13ක් සහ මත් පෙති 05ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අවුරුදු 60, 32,17,18,19,20 සහ 23 යන වයස් කාණ්ඩයේ පසුවන අයවළුන් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පිරිස අද දිනයේදී හොරණ අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.