මන්නාරම වෙරළට ගොඩ ගැසූ මුහුදු ඌරා

August 10, 2020 at 9:51 AM

කිලෝග්‍රෑම් 700 ක් පමණ බර අඩි 12 ක  පමණ දිග යෝධ මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ඊයේ සවස මන්නාරමේ වන උද්‍යානය අසල මුහුදු වෙරලට ගොඩ ගසා තිබේ.

මෙම  වන උද්‍යානය පිහිටා ඇත්තේ මන්නාරම තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයට යාබදව ආදම් පාලම අසල වන අතර මුහුදු ඌරාගේ සිරුර ගොඩ ගසා ඇත්තේ එම ප්‍රදේශයටයි.
ධීවරයින් පිරිසක් මෙම ඌරෙකුගේ මළ සිරුර දැක ඇති අතර ඔවුන් ඒ පිළිබදව ධීවර පරීක්ෂක නිලධාරීන්ට දැණුම් දීමෙන් පසුව නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කොට ඇත.
මේ යෝධ මුහුදු ඌරා විෂ දැලක පැටලීම නිසා මියයන්නට ඇතැයි විශ්වාස කරණ බවයි ධීවර පරීක්ෂක නිලධාරීන් සඳහන් කළේ.