කුරුණෑගල නගරාධිපති ඇතුළු සිව්දෙනාට රටින් පිටවීම තහනම් : අල්ලන්න පොලිස් කණ්ඩායම් 04ක් යොදවයි

August 10, 2020 at 1:33 PM

කුරුණෑගල බුවනෙකභාහු රාජ සභාවේ ගොඩනැගිල්ලට හානිකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කොට ඇති කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු සිව්දෙනාට රටින් පිටව යෑම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කලේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය අද නිකුත් කළ බවයි.

මෙම වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 04ක් යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.