ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ගත් තීරණය

August 9, 2020 at 7:48 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි වැඩපිළිවෙලට සහය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රි කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම මන්ත්‍රි කණ්ඩායම අද (09) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීයි.

එම රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කරමින් ඒ බව සඳහන් කළා.