මැදපෙරදිග සිට 447 දෙනෙක් දිවයිනට : තානාපති නිලධාරින් 16 දෙනෙකු දිවයිනට

August 9, 2020 at 8:29 AM

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 447 දෙනෙකු අද අලුයම එම රටවල් දෙකක සිට ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඒ අනුව අලුයම 1.15 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 420 ක් රැගෙන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් මගීන් අතුරින් 418 ක් වැඩිහිටි ගුවන් මගීන් වූ අතර ඉතිරි 02 දෙදෙනා කුඩා ළමුන් බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ගුවන් මගීන් 43 දෙනෙකු පැමිණ තිබුණා.

ඔවුන් අතරින් 27 දෙනෙකු ශ්‍රී ලාංකික ගුවන් මගීන් වූ අතර ඉතිරි 16 දෙනා එරට සිට ශ්‍රී ලංකාවට පැමිණි තානාපති නිලධාරීන් විය.

මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කොට නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබෙනවා.