නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි (LIVE)

August 9, 2020 at 9:35 AM

09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර සිය ධූරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ කැලණිය රජමහා විහාරස්ථානයේ දී දැන් පැවැත්වෙන උත්සවයේ දී.

මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ජය හිමිකර ගත්තා.

අද දවසේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිව්වන වරටයි. 2004,2018 සහ 2019 යන වර්ෂවල අවස්ථා 03කදී මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවා.

2005 වසරේ සිට 2015 දක්වා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා,එම ධුරයේ දිවුරුම් දීම වෙනුවෙන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැලණිය රජ මහා විහාරස්ථානයේ දී පැවැත්වෙන උත්සවයේ සජීව විකාශයLive streaming of the swearing in ceremony of the new Prime Minister Mahinda Rajapaksa at the Kelaniya Raja Maha Viharaya under the patronage of His Excellency the President Gotabaya Rajapaksa

Posted by Mahinda Rajapaksa on Saturday, 8 August 2020