ඇමතිවරුන්ගේ දිවුරුම් දීම අගෝස්තු 14 වෙනිදා

August 9, 2020 at 8:41 AM

නව අමාත්‍ය මණ්ඩලය මෙම මස 14 වෙනිදා මහ නුවරදී දිවුරුම් දීමට නියමිතව ඇති බව අග්‍රාමත්‍ය කාර්යාලය නිවේදනය කර සිටිනවා.

මේ අතර 2020 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහජන නියෝජිතයින් 196 දෙනෙකුගේ නම් ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත් කොට තිබෙනවා.

ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයන් සඳහා නම් කරනු ලැබූ මන්ත්‍රීවරුන් ගේ නම් පසුව ගැසට් කරන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.