අරලගංවිල කැබ් රථයක් සිසුන් 11 දෙනෙකු අනතුරට ලක්‌ කළ අයුරු : සිසුවියක් ජිවිතක්ෂයට (VIDEO)

August 9, 2020 at 8:19 PM
අරලගංවිල, බෝගස් හන්දිය ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි සිසුන් 11 දෙනෙකු ගැටීමෙන් අනතුරට ලක් කොට ඇත.
සිද්ධියෙන් එක් සිසුවියක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත.
මෙම සිසුන් පිරිස ප්‍රදේශයේ පැවති උපකාරක පංතියකට සහභාගිවී යලි නිවෙස් බලා එමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වීඩියෝව පහතින් :