කොරෝනා වෛරසයට එරෙහි ලොව පළමු එන්නත සෑදු බව රුසියාව කියයි

August 8, 2020 at 11:34 AM

නව කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට සිය රට සමත්ව ඇති බව මෙරට පිහිටි රුසියානු තානාපති කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කර සිටිනවා.

රුසියානු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් ප්‍රකාශ කර සිටියේ මොස්කව් හි Gamelei මධ්‍යස්ථානයට නව කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ ලොව පළමු එන්නත මෙම මස 12 වෙනිදා ලියාපදිංචි කිරිමට හැකියාව ඇති බවයි.

නිෂ්පාදනය කළ එම එන්නත රටේ සෞඛ්‍ය අංශ නිලධාරින් සහ වැඩිහිටියන් හට පළමුව ලබා දීමට අදහස් කර ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ලබන ඔක්තෝම්බර් මාසය වන විට රටපුරා එන්නත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියා කරන බවයි. ඒ සඳහා වන සියලුම වියදම් රුසියානු රජය දරන බවයි ජේෂ්ඨ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ නිවේදනය කර සිටියේ.

මෙම එන්නතේ පළමු සායනික පරික්ෂාව ඉකුත් ජුනි මස 18 වෙනිදා මොස්කව් සෙකෙනොව් විශ්ව විද්‍යාලයේදී ආරම්භ කෙරුණා. ඒ සඳහා ස්වෙච්ජාවෙන් පුද්ගලයින් 38 දෙනෙකු එක්වූ අතර ඔවුන් සියලු දෙනාම වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වර්ධනය කළ බවයි රුසියානු බලධාරින් සඳහන් කරන්නේ.

කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට රුසියාව සමත්වීම සම්බන්ධයෙන් ලොව බටහිර රටවල් පුදුමයට පත්ව ඇති බවත්, රුසියාව ගතවු 20 වසරක කාලයේදී වෛරස් සම්ප්‍රේෂණය වන ආකාරය සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ අධ්‍යනයක නිරතවීම නිසා මෙහිදී වඩා පහසුවක් ඇතිවූ බව ජේෂ්ඨ විද්‍යාඥයෙකු වන වඩීම් ටාරසෝව්