කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි නීතිපති උපදෙස්

August 6, 2020 at 12:39 PM

කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා ගොඩනැගිල්ලට හානි කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව ඇතුළු තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

කුරුණෑගල නගරාධිපතිවරයාට අමතරව නාගරික කොමසාරිස්වරයාද අත්අඩංගුවට ගන්නා ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ.

නගරාධිපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාට අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියේ.