එස් එෆ් ලොක්කා වෙඩි තැබීමකින් මරුට

August 5, 2020 at 12:43 PM

අනුරාධපුරයේ එස් එෆ් ලොක්කා නමැති අපරාධ සිදුවීම් කිහිපයක ප්‍රධාන සැකකරු අනුරාධපුරයේ දහයියාගම ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් මිය ගොස් තිබේ.

අනුරාධපුර ප්‍රදේශයේ දී මොහු ගමන් කරමින් සිටි මෝටර් රථයට දාහියගම දුම්රිය මාර්ගය අසලදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් SF ලොක්කා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිදුවීම වන අවස්ථාවේ ඔහු සමග ගමන් කරමින් සිටි තවත් පුද්ගලයෙක් ද තුවාල ලබා රෝහල් ගත කොට ඇත.