මහ මැතිවරණ ජන්ද ප්‍රකාශ කිරිම ඇරඹේ

August 5, 2020 at 7:04 AM

2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මිට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

අද උදෑසන 07.00 ට ආරම්භ වන ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 05.00 දක්වා ක්‍රියාත්මක වේ.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.

ඡන්දය භාවිත කිරිම සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 ක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

2019 ඡන්ද නාමලේඛනයට අනුව මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසුපහකි.

මින් වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර එම සංඛ්‍යාව දාහත් ලක්ෂ අසුපන්දහස් නවසිය හැටහතරක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.