ජන්ද පත්‍රිකාව ජයාරූපගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

August 5, 2020 at 12:14 PM

තමන් සලකුණු කල ජන්දය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කල තරුණයෙක් නාවලපිටිය පොලිසිය මගින් අද (05) දින අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු අද දින උදැසන නාවලපිටිය මධ්‍ය මහ විද්‍යාලයේ ශාලා අංක 51 දි ජන්දය සලකුණු කර එය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කරන අවස්ථාවේ ශාලාධිපති විසින් සැකකරු සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත භාර දි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවු 32 හැවිරිදි අයෙකු බවත් ඔහු අද දින රම්බොඩ හෙල්බොඩ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ.