මරණ දණ්ඩනය හිමිවූ ප්‍රේමලාල් ජයසේකරට තරග කළ හැකියි

August 4, 2020 at 10:30 AM

මරණ දණ්ඩනය හිමි වූ ්‍රේමලාල් ජයසේකර මැතිවරණයට තරග කිරීම වැළැක්වීමට කිසිදු නීතියක් නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.

ඔහු මැතිවරණය ජයග්‍රහණය කළහොත් පාර්ලිමේන්තුවට පත්කිරීම පිළිබඳව නීති උපදෙස් විමසීමට සිදුවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට එරෙහිව අධිකරණය විසින් ලබාදී ඇති වී තිබෙන තත්වය බාධාවක් නොවන බවත් ජනතා නියෝජිතයෙකු වශයෙන් පාර්ලිමේන්තුව තුල රත්නපුර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමටත් හැකියාව පවතින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ප්‍රකාශ කර සිටිනවා.

නිවිතිගලදී පැවති පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයන් හමුවක් අමතමින් ඔහු මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කර සිටියා.

ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ ජයග්‍රහනය වෙනුවෙන් දැනට ඇති වී තිබෙන තත්වය බාධාවක් නොවන බවටත් ජනතා නියෝජිතයෙකු වශයෙන්…

Posted by Premalal Jayasekara on Sunday, 2 August 2020