ලෙබනනයේ බේරූට් අගනුවර ප්‍රබල පිපිරිමක් (LIVE)

August 4, 2020 at 11:22 PM

ලෙබනනයේ, බේරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීමත් සමග ඇතිවූ කම්පනයෙන් නගරයේ ගොඩනැගිලි රැසක විදුරු කැඩී බිඳී ගොස් ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ බේරූට් අගනුවර පිහිටි වරායේ පිහිටි ගිනිකෙළි ගබඩා සංකීර්ණයක මෙම පිපිරිම සිදුව ඇති බවයි.

මෙම පිපිරිමෙන් පුද්ගලයින් තුවාල ලබා ඇති බවත් එය කොපමණ සංඛ්‍යාවක් ද යන්න සම්බන්ධයන් මේ දක්වා නිල තහවුරැ කිරිමක් ලෙබනන් බලධාරින් විසින් සිදුකර නැහැ.