පැය කිහිපයක් තුළ සමාජ මාධ්‍ය තුළ මැතිවරණ නීතිය උල්ලංඝණය වූ හැටි

August 4, 2020 at 2:52 PM
මහ මැතිවරණයේ නිහඬ කාලය ආරම්භ වූ ඉකුත් 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ රාත්‍රි 08 දක්වා කාලය තුළ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2566 ක් පිළිබඳ මැතිවරණ කොමිසම දැනුවත් කළ බව පැෆරල් සංවිධානය පවසනවා.
ඉන් සිදුවීම් 1000 ක් පමණ වැළැක්වීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.
නිහඬ කාලය තුලදී සමාජ මාධ්‍ය ජාල භාවිත කර සිදුකෙරෙන මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා පාලනය කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත්තද, එලෙස සිදුකෙරෙන ප්‍රචාරණ කටයුතු ඉහළ යමින් පවතින බැවින් පාලනය කිරීම අපහසු තත්ත්වයකට පත්ව ඇති බවයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පැවසුවේ.