සුෂාන්ත් ගේ මරණය ගැන සොයන්න ගිය උසස් පොලිස් නිලධාරියාව බලෙන්ම නිරෝධායනයට ලක් කරයි

August 3, 2020 at 2:00 PM

මිට සති කිහිපයකට පෙර සියදිවි හානිකර ගනු ලැබූ බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා මුම්බායි බලා ගිය බිහාර් ප්‍රාන්තයේ උසස් පොලිස් නිලධාරියෙකු බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කොට ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙලෙස නිරෝධායනයට යොමු කොට ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ උසස් පොලිස් නිලධාරියෙක් වන විනේයි තිවාරි බවයි NDTV පුවත් සේවය වාර්තා කර සිටින්නේ.

මියගිය සුෂාන්ත් සිං රාජ්පුත්ගේ පියා විසින් බිහාර් පොලිසිය හමුවේ සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම උසස් පොලිස් නිලධාරියා ඇතුළු කණ්ඩායමක් මුම්බායි බලා පැමිණ ඇති බව සඳහන්.

මුම්බායි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ට්විටර් සටහනක් තබමින් මේ බව සනාථ කර ඇත.