ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

August 3, 2020 at 12:34 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, හිටපු කතානායක කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන්.

මානව හිමිකම් කොමිසම , රාජ්‍ය සේවා කොමිසමේ පුරප්පාඩු හා හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ පුරප්පාඩු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ මුදල් කොමිසම , සීමානීර්ණ කොමිසම, විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම ඉදිරිපත් කර ඇති ප්‍රගති වාර්තා ඇගයීම ද අද සිදු කෙරෙන බවයි.