මරණ දණ්ඩනයට ලක්වූ ප්‍රේමලාල් ජයසේකරගේ අපේක්ෂකත්වයට බාධාවක් නෑ – පොදුජන පෙරමුණ

August 2, 2020 at 9:20 AM

මරණ දණ්ඩනයට ලක්වූ ප්‍රේමලාල් ජයසේකර හිටපු අමාත්‍යවරයාගේ අපේක්ෂකත්වයට කිිසිදු බාධාවක් නොමැති බවත් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බැවින් ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ගැටළුවක් නොමැති බව රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක වාසුදේව නානායක්කාර මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කර සිටියේය.

2015 වසරේ සිදුවූ මිනීමැරුමකට වරදකරු බවට පත්වූ ප්‍රේමලාල් ජයසේකර හිටපු අමාත්‍යවරයාට පසුගිය සිකුරාදා මරණ දණ්ඩනය හිමිවිය කෙසේ නමුත් එම නඩු තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කර ඔහු නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි ්‍රේමලාල් ජයසේකරගේ නීතිවේදීන් පවසන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්  නායකයන් වන පවිත්‍රා වන්නිආරච්චි, ජෝන් සෙනවිරත්න ද මිනී මැරුම් චෝදනාවට වරදකරු වූ  ප්‍රේමලාල් ජයසේකරට සහාය පළකර අදහස් දක්වා තිබුණි.

ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ අපේක්ෂකත්වයට කිිසිදු බාධාවක් නොමැති බවත් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බැවින්…

Posted by Premalal Jayasekara on Saturday, 1 August 2020