කොරෝනා මවට දාව උපන් බිළිඳාට වෛරසය ආසාදනය වී නැහැ

August 2, 2020 at 1:06 PM

මුල්ලේරියාව රෝහලේ සිටි කොරෝනා ආසාදිත ගැබිණි මවකට උපන් බිළිඳා කොරෝනා ආසාදිතයෙක් නොවන බවට අනාවරණ වී තිබෙනවා.

සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව එය තහවුරු වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ.

මෙරට ඉතිහාසයේ පළමු වරට කොවිඩ් 19 ආසාදනයවී සිටි ගර්භනී කාන්තාවක් දරුවෙකු ප්‍රසුත කරනු ලැබුවා.

ඩුබායි සිට පසුගිය ජුලී මස 10 වෙනිදා මෙරටට පැමිණි මෙම ගර්භනී කාන්තාව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබුණා. මෙම කාන්තාවට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව වෛද්‍යවරුන් විසින් මෙම ගර්භනී කාන්තාව නැගෙනහිර කොළඹ රෝහලේ පිහිටි කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තාවන් සඳහා වෙන් කොට ඇති විශේෂ ඒකකයට යොමු කිරීමට පියවර ගනු ලැබුවා. එහිදී ඇය දරුවෙකු ප්‍රසුත කරනු ලැබුවා.