මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

August 1, 2020 at 12:32 PM

කොළඹ 05, ඇල්විටිගල මාවතේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අගෝස්තු මස 04 සහ 05 යන දෙදින සාමාන්‍ය රාජකාරි සඳහා විවෘත නොකෙරෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.

අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණ ජන්ද විමසීමට අදාළව ජන්ද මධ්‍යස්ථානයක් ලෙස එම කාර්යාලය පැවැත්විය යුතු බව ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී ඇති බැවින් මෙලෙස එම දෙදින තුළ සාමාන්‍ය රාජකාරි සඳහා වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.