වැලිකඩට කුඩු ගෙනගිය බළලා!

August 1, 2020 at 8:09 PM

වැලිකඩ බන්ධනාගාරයට මත් කුඩු ගෙනගිය බළලෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

මත්කුඩු  ග්‍රෑම් 1.7  බළලාගේ බෙල්ලේ ගැට ගසා තිබියදී හමුවිය.

දුරකථන සිම්පත් දෙකක් සහ මෙමරි චිප් එකක්ද බළලා ගේ ගෙල බැඳ තිබූ බවයි වාර්තා වුණේ.