ලොකු ලුණු ආනයන බද්ද ඉහළට

August 1, 2020 at 2:58 PM

ලොකු ලූණු කිලෝග්‍රෑමයක ආනයන බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ නංවා තිබේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, මීට පෙර ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා ආනයන බද්ද රුපියල් 15 ක් ලෙස පැවති බවයි.

ඒ අනුව ලොකු ලූණු කිලෝග්‍රෑමයක ආනයන බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 35 කිනි. දේශීය ලොකු ලූණු ගොවීන් දිරි ගැන්වීමේ අරමුණින් එම පියවර ගත් බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ