මව් සෙනෙහස අහිමි 08 හැවිරිදි දරුවා ගෙළ සිරකොට මරා දමලා

August 1, 2020 at 12:47 PM

ඝාතනය කරන ලද අවුරුදු 8 ක පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී හමුව තිබෙනවා.

ගලේවෙල පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම මලසිරුර සොයාගෙන ඇත්තේ.

රෙදි කැබැල්ලකින් ගෙළ සිර කොට මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.

මෙලෙස මියගොස් ඇති දරුවාගේ මව මීට කලකට ඉහතදී ප්‍රදේශය හැර ගොස් ඇති බවයි අනාවරණ වී තිබෙනවා.

දරුවා ඔහුගේ පියාගේ ඥාතියෙකුගේ නිවසක නවාතැන්ගෙන සිට ඇති අතර දරුවා එම නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයක් අසලට යෑමෙන් අනතුරුව අතුරුදන්ව තිබෙනවා.

පසුව ඥාතීන් සහ ප්‍රදේශවාසින් එක්ව දරුවා සෙවීම ආරම්භ කර ඇති අතර එහිදී දරුවාගේ සිරුර අසළ පිහිටි ඇළ මාර්ගයේ තිබී හමුවීමෙන් අනතුරුවයි ගලේවෙල රෝහලට රැගෙන ගොස් ඇත්තේ.

එහිදී අනාවරණ වී ඇත්තේ දරුවා මියගොස් ඇති බවයි.

දරුවා පදිංචිව සිට ඇති නිවස ඉදිරිපිට කොටස විවිධ උත්සව අවස්තාවන් සඳහා ඉඩපහසුකම් සපයන ස්ථානයක් බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත.

දරුවා ඝාතනය වූ බවට සැකපළ කරන ස්ථානයේ තිබී හෙරොයින් මත් කුඩු භාවිතා කළ සුන්බුන් රැසක් ද දැක ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.

කෙසේ වෙතත් දරුවා අපයෝජනය කිරීමෙන් අනතුරුව ඝාතනය කර ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

මෙම දරුවා ඝාතනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය කරගෙන නොමැති අතර ගලේවෙල වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.