කෝටි ගණනක් වටින් අමෙරිකානු මුදල් තොගයක් සමග සැකකරුවෙක් දෙමටගොඩදී අත්අඩංගුවට

August 1, 2020 at 3:04 PM

දෙමටගොඩ නිවසක තිබී අමෙරිකානු ඩොලර් 140,000 ක් සහ රුපියල් තුන්කෝටි දහතුන් ලක්ෂයකට අධික මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ උතුරු කොට්ඨාසයේ විශේෂ මාර්ග බාධක ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදීය.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් ද සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. 55 හැවිරිදි සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.