වරායේ පර්‍යන්ත තුනේම වැඩ නවතී

July 31, 2020 at 5:09 PM

නැගෙනහිර පර්‍යන්තයේ කටයුතු වරාය අධිකාරිය මගින්ම සිදුකරන ලෙස බලකරමින් කොළඹ වරායේ පර්‍යන්ත තුනේම වැඩ කටයුතු අත් හිටුවීමට එහි වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

මේ හේතුවෙන් පර්‍යන්ත තුනේම වැඩ කටයුතු අඩාල වී ඇති බව එම නියෝජිතයන් සඳහන් කරයි.