රජයේ නිලධාරීන් දෙදෙනෙක් ලක්ෂ 25ක අයිස් සමග හසුවේ

July 30, 2020 at 2:12 PM

වැල්ලම්පිටියේ සහ කැළණියේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වල සේවය කරන දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලීසියට හසුවී තිබේ.

එම කාර්‍යාල වල ක්‍රීඩා නිලධාරියෙකු සහ කළමණාකරු වෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේදීය.

වාහනයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.