ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුට කොරෝනා

July 30, 2020 at 12:56 PM

ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකල PCR පරික්ෂණයකින් හෙළිව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

මෙම කොරෝනා ආසාදිත රෝගියා හඳුනා ගෙන ඇත්තේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත සේවකයින් සඳහා සිදුකළ PCR පරීක්ෂණයකදීය.

මෙම සේවකයා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු බවට හඳුනා ගෙන ඇත.

මෙම රෝගියාගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට සහ PCR පරීක්ෂණ සඳහා යොමු කිරිම සිදුකරන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.