එතැන වැරැද්දක් තියෙනවා කියලා මම දන්නේ නැහැ : හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත (VIDEO)

July 30, 2020 at 7:37 AM

මෙවර මහ මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මීට දින කිහිපයකට පෙර හිස් වැසුම් නොමැතිව යතුරු පැදියකින් ගමන් කරමින් සිය ආධාරකරුවන් සමග යතුරුපැදි රැළියක් පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන කරළියේ මෙන්ම සමාජය තුල දැඩි ආන්දෝලනාත්මක කතිකාවතක් ඉස්මතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියකදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් කියා සිටියේ එතැන වැරැද්දක් තිබෙන බව තමන් නොදන්නා බවයි.

” මහ ලොකුවට වැරැද්දක් වෙලා වගේ කෑ ගැහුවට එතන වැරැද්දක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. ලංකාවේ රථවාහන නීතිය අනුව හිස්වසුමක් නොමැතිව ගියාම දඩය රුපියල් 500ක් විතරයි. මම ඒ දඩය ගෙවන්න සුදානම්” හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

වැරැද්දක් තියෙන බව දන්නේ නැහැ – සනත් නිශාන්ත කියයි

Posted by Hiru News on Wednesday, 29 July 2020