2500කින් ජිවත් වෙන්න පුළුවන් බවට කිව්ව කතාව ඔප්පු කරලා පෙන්වන්න : ඇමති බන්දුල දුන්න අභියෝගය (VIDEO)

July 29, 2020 at 10:28 AM

රු2500 කින් පවුලකට ජිවත් විය හැකි බවට තමන් ප්‍රකාශ කළ බවට ඔප්පු කිරීමට හැකි නම් තමන් ඉදිරි මහ මැතිවරණයෙන් නාමයෝජනා ඉවත් කර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා. විශ්ව විද්‍යාල සිසුන්ට මාසිකව ලබාදෙන රුපියල් 2500 ක දීමනාව රුපියල් 3000 දක්වා ඉහළ දැමීමේ අමාත්‍ය මණ්ඩල යෝජනාව තමන් ඉදිරිපත් කළ අවස්ථාවේදී මාධ්‍ය විසින් ගොතන ලද කතාවක් අනුව තමන් සිදුකළ ප්‍රකාශයට වැරදි අර්ථකතනයක් එක්වූ බවයි.

ඒ මෙන්ම තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප කිසිකලක ලබා ගෙන නොමැති බව ද මෙහිදී ඇමතිවරයා කියා සිටියේ. යුද්ධය පැවති සමයේදී තම මන්ත්‍රී වැටුප අපි වෙනුවෙන් අපි අරමුදල වෙනුවෙන් බැර කළ බවත් දැනට තම වැටුප මහින්ද රාජාපක්ෂ විදුහලේ විදුලිබිල ගෙවීම වෙනුවෙන් ලබා දෙන බව කියා සිටියේ.

විනාඩි 4.58 සිට 👇