ජන්දය නිසා යලිත් වරක් පාසැල් වලට අගෝස්තු 4-7 දක්වා නිවාඩු

July 29, 2020 at 1:42 PM
මෙවර මහ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ සියලුම රජයේ පාසල්වලට නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.
අද අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව සඳහන් කර සිටියා.
ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තැබේ.
දිවයිනේ සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පසුගිය ජූලි මස 27 වන දින යළි ආරම්භ වු බැවින් එම ශ්‍රේණිවල සිසුන්ට පමණක් මෙම නිවාඩුව අදාළ වේ.
අගෝස්තු 10 වන දා අනෙකුත් ශ්‍රේණි සඳහා ද පාසල් විවෘත කෙරේ.
මිටරයේ පරතරය පවත්වා ගත හැකි සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් වල 1-5 පංති සියල්ල අගෝස්තු 10 සිට විවෘත කෙරේ.

200ට වැඩි පාසල් වල පංති පැවැත්වෙන්නේ පහත ආකාරයෙනි.

සඳුදා 1 සහ 5 ශ්‍රේණි
අඟහරුවාදා 2 සහ 5 ශ්‍රේණි
බදාදා 3 සහ 5 ශ්‍රේණි
බ්‍රහස්පතින්දා 4 සහ 5 ශ්‍රේණි
සිකුරාදා 4 සහ 5 ශ්‍රේණි

ඉහළ පංති :
සඳුදා 6,10,11,12,13
අඟහරුවාදා 7,10,11,12,13
බදාදා 8,10,11,12,13
බ්‍රහස්පතින්දා /සිකුරාදා 9,10,11,12,13

6,7,8,9, ශ්‍රේණි පෙරවරු 7.30 සිට දහවල් 1.30 දක්වා පැවැත්වේ.