රාජාංගණය ප්‍රදේශයේ කොටසක සංචරණ සීමා ඉවතට.

July 28, 2020 at 7:58 AM

කොවිඩ්19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ කටයුතු සීමා කළ රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කර තිබේ.

ඒ අනුව සිරිමාපුර, යාය එක ගම්මානයේ කොටසක සහ යාය දෙක ගම්මානයේ කොටසක සංචරණ සීමා ඉවත් කර ඇති බව වාර්තා වේ.

රාජාංගණය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගැනීමත් සමග පසුගිය 12 වන දින සිට අදාළ ප්‍රදේශයට සංචරණ සීමා පනවනු ලැබීය.

එම රෝගියාගේ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකෙරුණු අතර ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට යොමුකළහ.

එම දින 14ක නිරෝධායන කාලසිමාව මේ වන විට අවසන් වී ඇති අතර එම කාලය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවීම සහ සිදුකළ පී.සි.ආර්.පරීක්ෂණ වාර්තා අනුව ආසාදිතයින් හඳුනා නොගැනීම මත අදාළ ගම්මානවල සංචරණ සීමා ඉවත් කරඇත .